පසුගිය පෙබරවාරි 24 වන දින කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී “ UNI APROJPGU /KANTO” ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය පැවැත්වීණි. මෙහි සංවිධාන කටයුතු මුලිකවම ශ්‍රීලංකා යුනි තරුණ කමිටුව මගින් සිදුවූ අතර ශ්‍රීලංකා යුනි කාන්තා කමිටුව මගින්ද දායකත්වය සපයන ලදී.
ඕනෑම සමාජ ස්තරයක, සංවිධානයක, තාරුණ්‍යයේ ජවය ඕනෑම කාර්යක් සාර්ථකව සහ නව්‍යතාවයෙන් ඉදිරිපත් කිරීමට හේතු වන බව සත්‍ය කරුණකි. ඒ බව මනාව පසක් කරමින් ශ්‍රීලංකා යුනි ජාත්‍යන්තර තරුණ කමිටුව වැඩසටහනෙහි මුලික වගකීම භාරගනිමින් එය නිසි ආකාරව ඉටුකළ බව කාගේත් පැසසුමට ලක්විය.
තැපැල්හා විදුලි සංදේශ නිලධාරි සංගමයේ (UPTO) සහ ජාතික තැපැල් හා විදුලිසංදේශ සේවක සංගමය (NPTWU) වෘත්තීය සමිති සාමාජිකයන්ගේ දරුවන්ට තෝරාගත් අධ්‍යාපන සුදුසුකම් මත ශිෂ්‍යත්ව ලබාගැනීමේ තරග විභාගයට ඉදිරිපත් වීමේ අවස්ථාව දරුවන් 78 ක් හිමි කරගන්නට විය. ඒ අතුරින් විශිෂ්ඨ හැකියා, දක්ෂතා, කුසලතා හා යහපත් ආකල්ප සහිත දරුවන් 15 දෙනෙකු සුදුසුකම් සහිත අපක්ෂපාතී තෝරාගැනීම් මණ්ඩලයක් මගින් තෝරාගනු ලැබීය.
ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය සදහා ජපානෙෙය් සිට පැමිණි ජපන් ජාතික තැපැල් වෘත්තීය සමිති සාමාජිකයන් මහත් ඕනෑකමින් සහ උනන්දුවෙන් ක්‍රියාත්මක වූ අතර ඔවුන් සමග අදහස් , සංස්කෘතීන් හුවමාරු කරගැනීමට වේදිකාවක් සකස් වී තිබීම උත්සවය අර්ථාන්විත වීමට හේතු විය. ජපන් ජාතික වෘත්තීය සමිති සාමාජිකයන්ගේ විනයානුකූල බව , කාල කළමනාකරණය , කාරුණික බව සහ සුහදශීලි භාව සහ ශ්‍රී ලංකික අගන්තුක සත්කාරය , හැකියාවන්ගෙන් පරිපුර්ණ බව ආදිය කැපී පෙනෙන ලක්ෂණ විය.
ශ්‍රීලංකා යුනි තරුණ කමිටු සාමාජික සංස්කෘතික උඩරට නර්තනය සහ ජපන් ජාතික වෘත්තීය සමිති සාමාජිකයන්ගේ නර්තනය වැඩසටහනට වර්ණවත් බවක් එක් කළ අතරඋදැසන තේ මේසය සදහා ශ්‍රීලංකික රසකැවිලි සහ ජපන් රසකැවිලි වලින් එක්වූ රසයන්ගේ සම්මිශ්රණයඅපුර්වත්වයක් එක කරන්නට විය.
සම්ප්‍රදායයික බෙර හඩ , හක්ගෙඩි හඩ මධ්‍යයේ පොල්තෙල් පහණ දැල්වීමත් සමගම ශිෂ්‍යත්ව ප්රනොත්සවයේ සමාරම්භය සනිටුහන් විය. ගරු,තැපැල්, තැපැල් සේවා හාමුස්ලිම් කටයුතුඅමාත්ය M.H.A.හලීම් මැතිතුමා, තැපැල්පති ගරුරෝහණ අභයරත්න මහතා , යුනි ජාත්‍යන්තර සංවිධානයේ මුල්‍ය අධ්‍යක්ෂක ජය ශ්‍රී ප්‍රියලාල් මයා , යොකෝ මොරිකාවා මිය, තැපැල්හා විදුලි සංදේශ නිලධාරි සංගමයේ සභාපතිතුමා කීර්තිරත්න මයා , තැපැල්හා විදුලි සංදේශ නිලධාරි සංගමයේ ලේකම් හරිසදුන් කාරියවසම් මයා, ජාතික තැපැල් හා විදුලිසංදේශ සේවක සංගමයේ සභාපතිතුමා ගාමිණී හෙට්ටිආරච්චි මයා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන්ද ,තෝරාගැනීම් මණ්ඩලයේ සාමාජිකයන්ද , තරුණ කමිටු සාමාජිකයන්ද , කාන්තා කමිටු සාමාජිකයන්ද පැරණි සහ නව ශිෂ්‍යත්වධාරීන්, දෙමාපියන් ඇතුළු පිරිසකගෙන් උත්සවය සමන්විත විය.
මෙම ශිෂ්‍යත්වය මගින් දරුවන්ගේ අනාගතඅරමුණු, බලාපොරොත්තු දීප්තිමත් කිරීමටත් සාර්ථක කිරිමටත්මග පෙන්වනවා මෙන්ම ඔවුන්ට දිරියක් වීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒදිනම නව ශිෂ්යත්වධාරීන්ව දැනුවත් කිරීම සදහා පැරණි ශිෂ්‍යත්වධාරී භාග්‍යා සෙනවිරත්න කළ කථාව එහි සිටි සෑම කෙනෙක්ම අගයකරන්නක් මෙන්ම වැඩසටහනෙහි අගය වැඩි කරන්නක් විය.
සියලු පාර්ශ්වයන් සමරු සටහන් හුවමාරු කරගනිමින් අදහස් යෝජනා සම්මත කරගනිමින් සාර්ථකලෙස වැඩසටහන් නිමාව සටහන් විය.